විදෙස්

විරෝධතාවයකින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාල

වාර්ගික ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සර්බියාවේ උතුරු ප්‍රදේශවල විරෝධතා හටගෙන තිබේ.

 

විරෝධතාකරුවන් පොලීසිය සහ නේටෝ සාමසාධක භටයින් සමග ඇතිවූ ගැටුම්වලින් සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

විරෝධතාකරුවන් ගොඩනැගිල්ලක් අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක අංශ කදුළුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

කොසෝවෝ රාජ්‍ය 2008 වසරේදී සර්බියාවෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන අතර එරට තුළ වාර්ගික ජන කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් පවතී.

 

Related posts

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

Mohamed Dilsad

ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්

Editor O

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment