දේශීය

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ඊයේ (15) දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම වැරදි සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,612කි.

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 479 දෙනෙකු ද ඊයේ දින ආපසු හරවා යැයූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් හෝ ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවකදී පමණක් පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවස්ථාව හිමිවේ.

මේ අතර අද දිනයේ සිට මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්තව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසයි.

Related posts

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

ලබන 05 වැනි දායින් පසු විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

ගොවීන්ට ඩීසල් සහනයක්

Mohamed Dilsad

Leave a Comment