දේශීය

පාස්කු ඉරිදා අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (09) යෙදී තිබේ.

 

දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි.

 

ඒ අනුව, කිතුණු දේවස්ථානවල “ආලේ ලුයියා” සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පවත්වනු ලබන අතර ප්‍රධාන දේව මෙහෙය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විය.

 

මේ අතර පාස්කු දිනය නිමිත්තෙන් සියලු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිටම අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවය.

 

 

Related posts

රෝගීන් රවටා සිදුකළ දැවැන්ත වංචාව

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එන්තරාවාසියක් යවයි

Mohamed Dilsad

Leave a Comment