දේශීය

අද දහවල් වන තෙක් කොළඹට ජලය අඩුවෙන්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ රැසක ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදුවන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවය.

 

කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් එම තත්ත්වයට හේතු වී තිබේ.

 

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

 

 

Related posts

මහරගම අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක සහන මල්ලක්

Mohamed Dilsad

එජාපයෙන් අලුත් තීරණයක්

Editor O

Leave a Comment