දේශීය

මහරගම අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – බොරැල්ල – කොට්ටාව මාර්ගයේ පොල්වත්ත හංදියේදී අද  (02)  මෝටර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන්  එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනකු මියගොස් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මහරගම පොලීසිය කියයි.   

පන්නිපිටිය දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් ගත් යතුරු පැදි තලවතුගොඩ දෙස සිට පන්නිපිටිය දෙසට ධාවනය වූ මෝටර්  ගැටී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය කියයි .

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යටියන්තොට මලල්පොල,මීගොඩ  මුතුහේනවත්ත, පදිංචිකරුවෝ දෙදෙනෙකි.

Related posts

විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

සපුගස්කන්ද හෙට සිට යළි වැසේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කැපවීම ලෝකයම අගයයි

Editor O

Leave a Comment