දේශීය

රිෂාඩ් බදියුදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එන්තරාවාසියක් යවයි

(UTV |කොළඹ ) – රිෂාඩ් බදියුදීන් මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල්, පාස්කු  ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සාලිය සෙනරත් පවසා ඇතැයි පුවත්පත පළ කර ඇති පුවත මුළුමනින්ම අසත්‍යය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

මෙය තම මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදුකල කුමන්ත්‍රණකාරී ප්‍රකාශයක් බවයි ඔහු පවසන්නේ.

”පොලිස්  මාධ්‍ය ප්‍රකාශක මෙවැනි දෙයක් පවසා තිබෙනවා නම් මම වගකීමෙන් කියනවා මේක අසත්‍ය චෝදනාවක්.  මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජනතාවට රටට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. අද අපි පොලිස්  මාධ්‍ය ප්‍රකාශක වරයාට සහ මේ පුවත පළකළ මාධ්‍ය ආයතනයට එරෙහිව එන්තරවාසියක් යවලා තියෙනවා. මේ වගේ අසත්‍ය පුවත් අපේ ඡන්දය ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කරන කුමන්ත්‍රණයක්.”යැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ අද (29) මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 

Related posts

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනය පිළිබඳ ජනපති උපදෙස්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

Mohamed Dilsad

Leave a Comment