දේශීය

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත්කර,රට ගොඩනැගීමේ තීන්දු තීරණ ගැනීම සර්ව පාක්ෂික ආණ්ඩුවක අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කොට පොදු එකඟතාවකට එළැඹීම වඩාත් සුදුසු වන අතර ඊට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එහි සභාපතිවරුන්ට කාර්යාල පහසුකම් දීමට සැලසුම් කර ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයෙන් ඉහළ කාර්යක්ෂම සේවාවක් රටට අවශ්‍ය බව ද කියා සිටියේය.

ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරු කැබිනට් මණ්ඩලයට කැඳවීමට ද තමා සූදානම් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගරු කිරීම පිළිබඳ ස්තූතිය පළ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සිය පක්ෂයේ සම්පූර්ණ සහාය ලබාදෙන බව පැවසීය.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පිළිගත් ක්‍රමයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතු බවයි. ඒ සඳහා සියලුදෙනා එක්ව එය සාර්ථක කරගත යුතු බවත් පෙන්වා දුන්නේය.

Related posts

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි

Mohamed Dilsad

ප්‍රථම වරට මෙරට දෛනික PCR පරීක්ෂණ 5000 ඉක්මවයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

Leave a Comment