දේශීය

දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

(UTV | කොළඹ ) – මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල පමණක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පවතින බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනී ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේය.

ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50% කින් අවසන් කර ඇති බව ද ඇය සඳහන් කළා ය.

මේ වනවිට මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට ඡන්ද පත්‍රිකා ලබා දී ඇති දිස්ත්‍රික් සංඛ්‍යාව 13කි.

ඒ අනුව මාතලේ, නුවරඑළිය, මාතර, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව , රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලත් ගාල්ල, හම්බන්තොට හා බදුල්ල දිස්ත්‍රික්කවලට අයත් නිල ඡන්ද පත්‍රිකා මේ වනවිට මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

අද දිනයේදී දිගාමඩුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ දී වන්නි දිස්ත්‍රික්කයේත් නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබාදීමට නියමිත බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනී සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් බදු අඩු කරන විදිය මෙන්න.

Editor O

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment