දේශීය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අද (09) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.

 

අද (09) දහවල් 12:12 ට මාදම්පේ, කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ සහ ඔන්දච්චිමඩම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

බදුල්ල සහ රත්නපුර දිස්ක්‍රික්ක සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Related posts

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment