දේශීය

සාදය ඛේදවාචකයක් වෙයි – 9ක් රෝහලට අයෙක් මරුට

අද (08) අලුයම මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී ඇත.

 

අනතුරින් තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු අතුළු තවත් තරුණයින් 09 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

 

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පාසලක 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනීසිටි සිසුන් පිරිසක් බව පොලීසිය පවසයි.

 

පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ ඔවුන්ගේ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටිදී මෙම සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය විමර්ශන සිදුකරයි.

 

 

Related posts

වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Editor O

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ විභාගයකට එරෙහි විරෝධතාවට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment