දේශීය

සාදය ඛේදවාචකයක් වෙයි – 9ක් රෝහලට අයෙක් මරුට

අද (08) අලුයම මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී ඇත.

 

අනතුරින් තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු අතුළු තවත් තරුණයින් 09 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

 

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පාසලක 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනීසිටි සිසුන් පිරිසක් බව පොලීසිය පවසයි.

 

පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ ඔවුන්ගේ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටිදී මෙම සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය විමර්ශන සිදුකරයි.

 

 

Related posts

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් සේවයට වාර්තා කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩිහිටි ඇතුළු කණ්ඩායම් තුනකට දීමනා

Mohamed Dilsad

Leave a Comment