දේශීය

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

කෘෂිකර්ම අංශයේ නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබානොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

 

ඒ අනුව මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාඝ නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය හිමිනොවෙනු ඇති.

 

ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

 

එම නිලධාරින් විදේශගතවීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබානොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරීන් අමාත්‍යවරයාට යෝජනා කර තිබුණි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවය.

කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයකට විදේශගතවීම හරහා රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩාවැටීමේ අවදානමක් ඇති බවත් ඊට විසඳුමක් ලෙස මෙම පියවර ගත් බවත් වාර්තා වෙයි.

 

මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවාගැනීම් සිදුකරන තෙක් ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාළ නිලධාරින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා සිදුකරන ඉල්ලීම් තමන්ට යොමු නොකරන ලෙසත් අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට ඊයේ (06) දැනුම්දී ඇත.

Related posts

යාපනය, චෙම්මනි මිනිවළෙන් මිනිස් සිරුරු 101කට අදාළ අස්ථි කොටස් ගොඩගනී: තවදුරටත් කැනීම්

Editor O

කොළඹ දිස්ත්‍රික්කයේ සිරවී සිටි පිරිසක් අද ගම් බිම් බලා යයි

Mohamed Dilsad

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment