දේශීය

දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රියට සම්බන්ධක දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

 

දුම්රිය අග්බෝපුර දී මෙම පීලිපැනීම සිදුවී ඇති අතර, මැදිරි ත්‍රිත්වයක් පීලි පැනීමට ලක්වී ඇත.

 

එසේම, නියාමක මැදිරිය පෙරළීගොස් ඇති අතර, එහි සිටි සහයක නියාමකවරයා තුවාල ලබා තිබේ.

 

අනතුරෙන් මඟීන්ට ද තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි. තුවාල ලැබූ පුද්ගලයින්ව ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහල වෙත රැගෙනයෑමට පියවර ගෙන තිබේ.

 

මේ වනවිට තුවාලකරුවන් 16 දෙනෙකු රෝහල වෙත රැගෙනවිත් ඇති බවද වාර්තා වෙයි.

 

 

Related posts

ඖෂධ හිඟයට හේතු කියන නලින්ද ජයතිස්ස

Editor O

රනිල් සහ සජිත් එකතු වෙයිද ?

Editor O

චීනයෙන් පැමිණෙන මගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක්

Mohamed Dilsad

Leave a Comment