දේශීය

12 දෙනෙක්ව ඝාතනය කළ ඉන්දුනීසියානු කට්ටඩියා

විශේෂ බලයක් තමන්ට ඇති බව පවසමින් කට්ටඩියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් ගැන දකුණු ආසියානු රටවලින් බහුතරව අසන්නට ලැබෙයි.

 

ඉන්දුනීසියාවෙන් ද එවැනි කට්ටඩියෙක් ගැන අසන්නට ලැබුණි.

 

ඒ ඔහු ඝාතන 12ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම නිසා ය.

 

පොලීසිය පවසන්නේ එම සැකකරුගේ වත්තේ වළදමා තිබී මිනිස් ශරීර කොටස් හමු වූ බවය.

 

ස්ලේමත් තොහාරි නම් එම සැකකරු 45 හැවිරිදි වන අතර ඔහු පොලීසියට පවසා ඇත්තේ මියගිය පුද්ගලයින්ව තම ඉඩමේ වළදමා ඇති බවය.

 

එම සැකකරු තමාගේ සේවය බලාපොරොත්තුවෙන් පැමිණි පුද්ගලයින්ට පවසා ඇත්තේ ඔවුන් සතු මුදල් කිහිප ගුණයකින් වැඩිකිරීමට හැකි බවය.

 

නමුත් ඔහු එවැන්නක් කිරීමට අසමත් වීම නිසා එම පුද්ගලයින් තමන්ගේ මුදල් නැවතත් ඉල්ලා තිබේ.

 

එවිට එම පුද්ගලයින්ව වස දී ඝාතනය කර තිබුණි.

 

 

Related posts

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

Mohamed Dilsad

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment