දේශීයව්‍යාපාරික

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

(UTV | කොළඹ) – ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දමා ඇත්තේ පදනම් අංක 50 කින් ය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5 ක්% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6.5 ක් දක්වා ඉහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය සමග ස්වයංක්‍රීයව ගැලපීමේදී බැංකු පොලී අනුපාතය 9.5 ක්% වනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ඉහළ යනු ඇති.

Related posts

බැඳුම්කර නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]

Mohamed Dilsad

සුළං විදුලිබලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වීම කණගාටුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment