දේශීය

බැඳුම්කර නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර තිබු චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන් මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වෙන නඩු විභාගය ද අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

අදාළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගවලට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝග නිකුත් කළේය.

 

මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන , ඒ.එච්.එම්.ඩී. නවාස් , ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච ‍පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණි.

 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ, විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකෙරුණු චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව දෝෂ සහිත බවය.

 

එබැවින් අදාළ තීන්දු බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

Related posts

මනම්පේරිගේ නීතිඥයා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් – පාර්ලිමේන්තු මන්ත්‍රී චානකගෙන් බරපතළ චෝදනාවක් !

Editor O

සමගි ජනබලවේගයේ මංගල රැළිය අගොස්තු 16 කුරුණෑගලදී

Editor O

කටාර්හි සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment