දේශීය

වෛරය පිරි මැසූ හැටි

පලෙයි, පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේදී හිතාමතා කැබ් රථයකට යටකර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (28) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

 

පෙර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මරණකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (28) සවස් කාලයේ අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරුගේ නිවසට ගොස් ඔහුට කඩුවකින් පහරදී තුවාල සිදුකර පළා ගොස් ඇත.

 

එම පහරදීමෙන් තුවාල ලබූ කැබ් රථ රියදුරු පලෙයි පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සඳහා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට පහරදීම සිදුකළ පුද්ගලයින් මාර්ගයේ ගමන් කරනු දැක තිබේ.

 

කැබ් රථයේ රියදුරු විසින් ඔවුන්ව කැබ් රථයෙන් යටකර නොනවත්වා පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

 

ඒ හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු පලෙයි‌ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, 28 හැවිරිදි මුහමාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම අනතුර සිදුකළ පහරකෑමට ලක්වූ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ පලෙයි රෝහලට ඇතුළත් කර ඇත.

 

මෘත ශරීරය පලෙයි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment