දේශීය

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුනක් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 

එක් සැකකරුවෙක් එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇත.

 

එම සැකකරුන් ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

 

පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

පොලිස්පති අධිකරණය​ට

Mohamed Dilsad

Leave a Comment