දේශීය

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ

රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.

 

තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වනු ඇත.

 

අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අදාළ නිවේදනයෙන් දැනුම්දී තිබේ.

Related posts

ඉදිරියේදී අප අතරට එන දේපළ බද්ද

Mohamed Dilsad

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

Mohamed Dilsad

ගත වූ මාස 8ට නිරෝධායන රීති කැඩූ 50,027ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment