දේශීය

ඉදිරියේදී අප අතරට එන දේපළ බද්ද

(UTV | කොළඹ) – නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලු‍ම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

Related posts

අද මොරටුවත් උණුසුම් වෙයි

Mohamed Dilsad

පොල් මිල යළි ඉහළට

Editor O

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තව නොබෝ වේලාවකින්

Mohamed Dilsad

Leave a Comment