දේශීය

වයසට යෑම පරක්කු කරන බෙහෙතක් කොළඹ විශ්වවිද්‍යාලයෙන්

(UTV | කොළඹ) – වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.

මෙම ඖෂධය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සකසා ඇතිබව කොළඹ සරසවියේ විද්‍යාඥයෝ පවසති.

දීර්ඝකාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මේවන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරේ පවතින බවත් මහාචාර්යවරයා පැවැසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සහ විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් හරහා පෞද්ගලික සමාගමක් සමග එක්ව ඉතා ඉක්මනින් වෙළෙදපොළට නිකුත් කරන බව ද විද්‍යාඥයෝ කණ්ඩායම පවසති.

Related posts

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Editor O

2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළට

Editor O

Leave a Comment