දේශීය

සමගි ජන බලවේගයට තහනම් නියෝගයක්

(UTV | කොළඹ) – අද (30) දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නික්තු කර ඇත.

ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වේ.

Related posts

මැයි රැළියට ගිය මාලිමා ආධාරකරුවෝ අධිවේගී මාර්ගයට අදාළ නීතී උල්ලංඝනය කරති

Editor O

“අද තීරණාත්මකයි”

Mohamed Dilsad

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment