දේශීය

මිලියන 13 ක මුදලක් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට

(UTV |කොළඹ) – දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාර් හි නීතිවිරෝධී සංවිධානයකින් ත්‍රස්ත කටයුතු සඳහා රුපියල් මිලියන 13 ක මුදලක් ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව සඳහන් කළේය.

අදාළ මුදල පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ බැංකු ගිණුම් වෙත ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ඒ අනුව එම මුදල් මෙරට කිසියම් ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා යෙදවූයේද යන්න පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්

Mohamed Dilsad

පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

Mohamed Dilsad

Leave a Comment