දේශීය

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (21) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.

 

තාවකාලික සභාපතිවරයෙක් යටතේ ඊයේ දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අතර එහිදී සම්මත කර ගැනීමට නොහැකි වූ පනත් කිහිපයක් පිළිබඳව අද දිනයේ යළි සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය සඳහා වන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිතව තිබේ.

 

එහිදී ඒ සඳහා නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිතය.

 

මේ අතර අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ.

 

නීති අධ්‍යාපන සහ ආඥා පනත යටතේ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති අද දිනයේ විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතය.

 

ඊට අමතරව අද දිනයේ ඛනිජ සම්පත් පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති නියෝග පිළිබඳව ද විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

පැලවත්තේ විරෝධතාවක්

Editor O

“හිඟා කාලා හරි පාසල් ළමුන්ට කෑම වේල දෙනවා” – ඇමති සුසිල්

Mohamed Dilsad

මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් 2 ක් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment