දේශීය

නීතිපතිට කල්දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබාදුනි.

 

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

 

 

 

Related posts

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

එජාපයේ සහාය ස.ජ.බ. ට දෙන්න අකමැත්තක් නැහැ : සජිත් අගමැති ධූරයට යෝජනා කිරීමටත්, සූදානම් – නවීන් දිසානායක

Editor O

Leave a Comment