දේශීය

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇත.

 

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබේ.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, හෙට (21) පස්වරු 8.30 දක්වා එම අනතුරු ඇඟවීම වලංගු බවය.

Related posts

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු බන්ධනාගාරයට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙත

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් කටුනායකට

Editor O

Leave a Comment