දේශීය

නීතිපතිට කල්දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබාදුනි.

 

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

 

 

 

Related posts

”එල්” බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අදහසක් නැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිට

Mohamed Dilsad

කොත්තු, බිරියානි මිල රුපියල් 25කින් පහළ ට

Editor O

Leave a Comment