දේශීය

මහ තරගය බලන්න ආ ජනපති

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වන නිල් මහා සටන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනටත් පැවැත්වුණි.

 

එම තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටියේය.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

 

ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

 

අද දිනය නිමා වනවිට කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවි ලකුණු 168 ක් රැස්කරගෙන සිටියේය.

 

 

Related posts

වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක්

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

කෙදිරි ගාන්න එපා 2026 සිට, අල 220ට ලූණු 150ට ගන්න ලෑස්ති වෙන්න. – ලාල් කාන්ත

Editor O

Leave a Comment