දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

(UTV | කටුනායක) – රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.

රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන් තොටුපොළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාදය හැකි උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් අතර ගුවන් තොටුපොළින් පිටව යන සහ පැමිණි මගීන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරතවූ බව සඳහන්.

ජනාධිපතිතුමා විසින් ගුවන් තොටුපොළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳව සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට සිය ප්‍රශංසාව පළ කළේය.

Related posts

පාර්ලිමේන්තුවට අද වාර්තා දෙකක්

Mohamed Dilsad

මාලිගාවත්තේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

හොරොව්පොතාන නගරය හෙට වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment