දේශීය

උසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්

(UTV | කොළඹ) –  පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් යොමු කිරීමට දී තිබූ කාල සීමාව අද (17) දිනයෙන් අවසන් වෙයි.

අදාළ අයදුම්පත් යොමු කිරීම සඳහා දෙසැම්බර් 18 වනදා සිට අවස්ථාව ලබාදී තිබුණි.

මීට අමතරව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු මත කිසියම් ශිෂ්‍යයෙකුට පාසලක් ලැබී නොමැති නම් හෝ ලැබී ඇති පාසල වෙනස් කිරීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලයද අදින් අවසන් වෙයි.

Related posts

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අධියර ඇරඹේ

Mohamed Dilsad

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

ආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.

Editor O

Leave a Comment