දේශීයප්‍රමුඛ පුවත 1

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව ලබන සිකුරාදා

(UTV | කොළඹ) – එක්පසත්ක්ෂ ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 24 වනදා ලබා දිය හැකි බව එකසත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ සම්ගැබන්නීධයෙන්ම අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඊයේ(17) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වුණා.

එසේම, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් පැවැත්වීමටද එහිදී තීරණය වී ඇත.

මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ ආරම්භ වු අතර එය පැය 03 කට ආසන්න කාලයක් පැවැත්වුණි.

එම සාකච්ඡාවේදී නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ අතර මෙම රැස්වීමේදී මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ යළි සිකුරාදා රැස්වී තීන්දුවක් ගැනීමටය.

 

Related posts

ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

අද දිවයි‍නේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

සියලු ධීවර යාත්‍රා මුහුදු යාම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment