දේශීය

විනිසුරු වැටුපෙන් බදු අයකිරීම ගැන අධිකරණය දුන් අලුත්ම නියෝගය

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් දෙකක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුන්නේය.

 

අනතුරුව පෙත්සම මේ මස 22 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය.

 

එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු මඬුල්ල නියම කළේය.

 

ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Related posts

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

පල්ලේකැලේට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment