දේශීය

පල්ලේකැලේට භූ කම්පන තත්ත්වයක්

( UTV |කොළඹ) – පල්ලෙකැලේ අඹකොටේ ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

එම කාර්යංශය සදහන් කළේ අද පෙරවරු 9.28ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

එය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් වූ බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද එම ප්‍රදේශයේ භූකම්පන කිහිපයක්ම සිදුව ඇත.

Related posts

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා විවාදයට

Mohamed Dilsad

Leave a Comment