දේශීය

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV | කොළඹ ) -දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළ සහ අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීමට කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

වසන්ත මුදලිගේ ට වරෙන්තු

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

“CEYPTCO ඉන්ධන මිල වැඩි කළොත් ප්‍රවාහන කර්මාන්තය කඩා වැටෙන ලකුණු”

Mohamed Dilsad

Leave a Comment