දේශීය

“CEYPTCO ඉන්ධන මිල වැඩි කළොත් ප්‍රවාහන කර්මාන්තය කඩා වැටෙන ලකුණු”

(UTV | කොළඹ) – LIOC සමාගම ඊයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ CEYPETCO ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල දිග වැඩිවෙමින් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ කියා සිටියේ අදටත් බස් රථ ඉන්ධන පිරවුම්හල්වල දවසට පුරවා ගැනීම සඳහා පෝලිම් ගැසී ඇති බවයි.

විපුලගුණ පැවසුවේ බස් හිමියන්ගෙන් බහුතරයකට නව මිලට IOC ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන පොම්ප කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

CEYPETCO ආයතනය ද ඉන්ධන මිල වැඩි කළහොත් ප්‍රවාහන කර්මාන්තය කඩා වැටෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

Related posts

පොහොර වැඩි මිලට අලෙවිකරන්නන්ට දැඩි නීතිමය පියවර

Mohamed Dilsad

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

ශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment