දේශීය

ආරක්ෂක අංශයේ 10,000කට විදෙස් රැකියා අවස්ථා

මැලේසියානු රජයෙන් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක කෝටාවක් හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා පවසයි.

 

අමාත්‍යවරයා පවසන්නේ මැලේසියානු රජය විසින් පෙර අනුමත කරන ලද රැකියා 10,000ට අමතරව මෙම රැකියා කෝටාව හිමිවී ඇති බවය.

 

දෙරටේ රජයන් අතර සිදුවන ගණුදෙනුවක් ලෙස නව රැකියා කෝටාව හිමිවී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

 

ඉදිරියේදී මාසිකව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉල්කකයක් කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයෙන් සම්බාධක පැනවූ යුද විරුවන් ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

අදත් ධාවනයට අතිරේක ලංගම බස් 200 ක්

Mohamed Dilsad

Leave a Comment