දේශීය

පළමු යතුරුපැදි කිහිපය ජනපති ට භාරදෙයි

මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම යතුරුපැදි කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු කෙරුණි.

 

සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන වඩුගේ මහතා විසින් ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.

 

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ.

 

ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුළින් මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 යතුරුපැදිය නිෂ්පාදනය කරයි.

 

එම අගය එකතුකිරීම ඉතා ඉක්මණින් 50% දක්වා ඉහළ නංවා ගැනීම සමාගමේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීමද සිදුවී ඇත.

 

 

Related posts

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට සැරසෙයි

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment