දේශීය

CEYPETCO ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට ‘විකිණීමට’ සජබ දැඩි විරෝධය

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදයට මුවා වී ආණ්ඩුව රටට අයත් ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට විකුණා දැමීමේ උත්සහයට දැඩි විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවකදී;

“අද වන විට රට පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුත්ත සම්පූර්ණයෙන් ම අසාර්ථක ව්‍යාපෘතියක්. ටෝකන් ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා ඛනිජ තෙල් ඇමතිතුමා කියනවා. ඒ වගේ ම අංක පිළිවෙළ අනුව සතිපතා තෙල් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වා.

ඇත්තට ම එහෙම දෙන්න වත් තෙල් බින්දුවක් මේ රටේ නැහැ. දැන් අපූරු විසඳුමක් ඛනිජ තෙල් ඇමැති කියනවා. ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධන හල් විදේශ සමාගම්වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කළ බව ඔහු කියනවා.

මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම්වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන්න යි. එය කනගාටුදායක තත්ත්වයක්.

මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධන හල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළ කරනවා. තෙල්, ගෑස්, විදුලිය සැපයීම ආණ්ඩුවේ මූලික වගකීමක්. එය ඉෂ්ට කරන්න අසමත් ආණ්ඩුව රටේ සම්පත් විකුණා අර්බුදය අස්සේ මුදල් හම්බ කරන්න හදනවා.”

Related posts

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

ගෝඨා නැවතත් ලංකාවට එයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිය යුතු දිනය නිවේදනය කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment