දේශීය

ඉන්දීය ජාතිකයින් පිරිසක් සිය මව්රට වෙත

(UTV | කොළඹ ) – අද (22) පෙරවරුවේ කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකු සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ රැකියා සඳහා පැමිණ සිටි පිරිසක් සහ මෙරට සංචාරක කටයුතු සඳහා පැමිණ පිරිසක් මේ අතර වන බව වාර්තා වේ.

අද පෙරවරු 9.23 ට මෙම පිරිස රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් වී තිබේ.

Related posts

සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ

Mohamed Dilsad

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

Editor O

Leave a Comment