විදෙස්

නේපාලයේ කොරෝනා ආසාදිතයින්ගෙන් 90% ක් විදේශිකයින්

(UTV | කොවිඩ් 19) – නේපාලයේ කොරෝනා ආසාදිතයින්ගෙන් 90 % ක් විදේශිකයින් බවට තොරතුරු හෙළි වී තිබෙන බව නේපාල සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඔවුන්ගෙන් බහුතරය ඉන්දීය ජාතිකයින් වන බවද එරට බලධාරීන් සඳහන් කරයි.

නේපාලයේ දිස්ත්‍රික්ක 77 න් 75 කට කොරෝනා වෛරසය ව්‍යප්ති වී තිබෙන අතර , සමස්ත ආසාදිතයින් ගණන නව දහස ඉක්මවන බවයි නවතම වාර්තාවල දැක්වෙයි.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 601 ක්.

බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙන අතර ගතවු පැය 24 දී එරටින් මරණ 641 ක් වාර්තා වී තිබේ.

ඇමරිකාවෙන් පසුව කොරෝනා වසංගතයෙන් දරුණුම බලපෑම් එල්ල වු රට වන්නේ බ්‍රසීලයයි.

Related posts

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

ඉන්දියාවේ ගවපොර නතර කිරීමට එරෙහිව විරෝධතා

Mohamed Dilsad

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment