විදෙස්

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

(උදයම්,කොළඹ) – හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ, “Obama care” සෞඛ්‍ය රක්ෂණ ආවරණය වෙනුවට රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කරන නව ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි.

එය අනුමත කිරීම සදහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඊට ඡන්ද 217 ක් හිමි විය. සෞඛ්‍ය රක්ෂණයට මහජන නියෝජිත සභාවේ අනුමැතිය හිමිවීම ජනපති ට්‍රම්ප් ලද ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීළගට පනත් කෙටුම්පත යොමු කෙරෙන්නේ ඇමරිකානු සෙනෙට් මණ්ඩලයටය.

“Obama care” සෞඛ්‍ය ආරක්ෂණය මගින් මිලියන 20 ක් පමණ වූ ඇමරිකානුවන්ට සෞඛ්‍ය රක්ෂණය සහතික කෙරුණු අතර ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පෙන්වා දෙන්නේ එය ඇමරිකානු ආර්ථිකයට දැඩි සේ අහිතකර බවයි.

මෙම නව සෞඛ්‍ය රක්ෂණය මධ්‍යම පාන්තික ඇමරිකානුවන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බවට චෝදනා එල්ල කෙරේ.

Related posts

OMICRON තවත් රටකට ඇතුළු වෙයි

Mohamed Dilsad

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

නවසීලන්තය අද සිට වසා දමයි

Mohamed Dilsad

Leave a Comment