දේශීය

කුඩු සළිඳු ගෙන් අධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනැවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සළිඳු මල්ශික හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

 

ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙම පෙත්සම පිළිබඳ ලබන 20 වනදා ස්ථාවරය දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

 

අත්අඩංගුවේ පසුවන සළිඳු මල්ශිකගේ මව විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

Related posts

අය-වැයෙන් වැඩිහිටි දීමනාව ඉහළ දැමේ

Editor O

“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment