දේශීය

කුඩු සළිඳු ගෙන් අධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනැවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සළිඳු මල්ශික හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

 

ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙම පෙත්සම පිළිබඳ ලබන 20 වනදා ස්ථාවරය දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

 

අත්අඩංගුවේ පසුවන සළිඳු මල්ශිකගේ මව විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

Related posts

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

Editor O

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

Mohamed Dilsad

කොළඹ සරසවියේ 12 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment