දේශීය

ත්‍රිරෝද රථ – බස් රථ අනතුරින් දෙදරු පියෙක් මරුට

අධික වේගයෙන් ධාවනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගයේ සිටි මී ගවයෙකුගේ ගැටී ලිස්සාගොස් බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ඊයේ (14) එම අනතුර සිදුව තිබුණේ තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේ කොහොඹගහපැළැස්ස ප්‍රදේශයේදී ය.

 

අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

 

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවයන්ගේ හිමිකරුට අයත් රථයක් බව අප වාර්තාකරු පැවසීය.

 

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයෙන් කිරි හට්ටි ප්‍රවාහනය කරමින් සිට ඇත.

 

එසේ මියගොස් ඇත්තේ අසේල ඉන්ද්‍රජිත් නැමැති 47 හැවිරිදි දෙදරු පියෙක් බව පොලීසිය පවසයි.

 

බස් රථයේ රියදුරුව මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

Mohamed Dilsad

ස්වයං නිරෝධායනයට එරෙහි වූ පුද්ගලයාට නඩු

Mohamed Dilsad

ආයෝ­ජන අවස්ථා පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

Leave a Comment