දේශීය

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

හක්මන – වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී අද (27) උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

 

හක්මන පොලීසිය පැවසුවේ, එහිදී තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කළ බවය.

 

හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී තිබුණි.

Related posts

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් දෙමින් ‘Aqua Planet 2025’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

ආපදා සහන සේවාවලදී, ආණ්ඩුවේ දේශපාලකයින්ගෙන්, ග්‍රාම නිලධාරීන්ට බලපෑම්

Editor O

අධිකරණ සිරකුටියේ සිටි රැඳවියාට කුඩු පැකට් දුන් පුද්ගලයා මාට්ටු

Mohamed Dilsad

Leave a Comment