දේශීය

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

හක්මන – වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී අද (27) උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

 

හක්මන පොලීසිය පැවසුවේ, එහිදී තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කළ බවය.

 

හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී තිබුණි.

Related posts

පොහොට්ටු පක්ෂ මූලස්ථානය වසා දැමේ

Mohamed Dilsad

ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් වුණොත් එම ඡන්දපොළේ සියලුම ඡන්ද ශුන්‍ය කරනවා – මැතිවරණ කොමිෂන් සභභාවේ සභාපති

Editor O

සමූල ඝාතකයා හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment