Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් වුණොත් එම ඡන්දපොළේ සියලුම ඡන්ද ශුන්‍ය කරනවා – මැතිවරණ කොමිෂන් සභභාවේ සභාපති

පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.

ඡන්දය යනු පුරවැසියාගේ අයිතිය හා බලය බවත් ඔබගේ බලය හා අයිතිය නිවැරදි ලෙස පාවිච්චි කරන ලෙසත් 14 වැනි දින හැකි තරම් වේලාසනින් ඡන්දපොළට ගොස් සිය අයිතිය ප්‍රකාශ කරන ලෙස ද ඒ මහතා පැවසීය. ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු වන බවත් එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරන බවත් ඔහු පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මෙසේ ද පැවසීය.

ඡන්ද ප්‍රදේශ ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය ඒවා මැතිවරණ කාර්යාලය විසින් නැවත පරීක්ෂා කිරීමෙන් පසුව ප්‍රතිඵල ලබාදෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඡන්ද ගණන් කරන අවස්ථාවේදී මෙන්ම ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවලදී නිවෙස්වලම රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කණ්ඩායම් වශයෙන් එකතු වී ඡන්ද ප්‍රතිඵලවලට සවන් දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. එක්රැස්වීම්, අයුතු ජනරාශිය යන වරදට ගැනෙන නිසා දඬුවම් ලැබිය හැකියි. එවැනි පිරිස් අත්අඩංගුවට ගත හැකියි.

Related posts

அங்கொடை துப்பாக்கிச்சூடு தொடர்பில் விசாரணைகள் ஆரம்பம்

Mohamed Dilsad

India reiterates solution in Sri Lanka must be acceptable to all communities

Mohamed Dilsad

ஐ.தே.தேசியக் கட்சியின் வரவு செலவுத் திட்டம் சபையில் தோற்கடிப்பு

Mohamed Dilsad

Leave a Comment