දේශීය

UPDATE – රාගල වතු යායේ නිවසක ගින්නකින් එකම පවුලේ 5ක් මරුට

(UTV |  නුවරඑළිය) – නුවරඑළිය රාගලවත්ත වතු යායේ මැද කොටසේ නිවසක හටගත් ගින්නකින් ළමුන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ක සහ 11 ක ළමුන් දෙදෙනෙක් / වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 60 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුයි.

පොලිස් ස්ථානීය අපරාධ විමර්ශන නිළධාරීන් විසින් ඊයේ රාත්‍රියේදීම එම ස්ථානයේ විමර්ශනයක් පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලා.

සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදී වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

කොළඹට එන වාහනවලට අද සිට විශේෂ ස්ටිකරයක්

Mohamed Dilsad

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් විදෙස් රටවලින් පැමිණි අයයි

Mohamed Dilsad

කොළඹ ස්ථාන රැසක ජල සැපයුම අත්හිටුවයි

Editor O

Leave a Comment