විදෙස්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවී තිබේ.

 

ඒ රුසියාවට සභාපති ධුරය ලබානොදෙන ලෙස යුක්‍රේනය එක්සත් ජාතීන්ට බල කරමින් සිටින පසුබිමක ය.

 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 15ට වරින් වර මාසයක කාලයක් සඳහා සභාපති ධුරය හිමි වෙයි.

 

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළේ රුසියාවට අවසන් වරට මෙහි සභාපති ධුරය හිමිවූ 2022 වසරේ පෙබරවාරි මාසයේදීය.

 

ඒ අනුව, යුද අපරාධ සිදුකරන බවට චෝදනා එල්ල වී ඇති රටකට මෙලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව හිමිවීම පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් යොමුවී තිබේ.

 

එක්සත් ජාතීන්ට අනුබද්ධිත ආයතනයක් නොවන ජාත්‍යන්තර අපරාධ අධිකරණය, මීට සති කිහිපයකට පෙර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය.

 

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාවට සභාපතිධුරය ලබා දීම සඳහා එම වරෙන්තුව බාධාවක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

රුසියාවට මෙලෙස සභාපතිධුරය ලබාදීම අප්‍රේල් පළමු වනදා සිදු කළ නරකම විහිළුව බව යුක්‍රේනයේ විදෙස් අමාත්‍යාංශය පවසා තිබේ.

 

 

Related posts

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්

Mohamed Dilsad

ලෝ පුරා ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් සේවාවන් බිඳ වැටේ

Mohamed Dilsad

Leave a Comment