විදෙස්

ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්

(උදයම්,කොළඹ )  – ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයෙන් නික්මීමට පෙර අවසන් පැය කිහිපය තුළ පලස්තීන අධිකාරිය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 221ක් මුදා හැර තිබේ.

එය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය මගින් අවහිර කර තිබූ පියවරකි.

ජනාධිපති බැරක් ඔබාමාගේ නියෝගයකින් එම මුදල පලස්තීනුවන් වෙත ලබාදෙන බව කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඔහු ධවල මන්දිරයෙන් නික්මුණු පසුගිය සිකුරාදා දිනයේය.

ඊට අමතරව ඇමරිකානු විදේශ කටයුතු වියදම් සඳහා ඩොලර් මිලියන 6ක් ද හිටපු ජනාධිපති ඔබාමා අවසන් මොහොතේ මුදා හැර ඇත. ඉන් මිලියන 4ක් වෙන් කර ඇත්තේ කාලගුණ වෙනස පාලනය කිරීමේ වැඩසටහන් සඳහාය.

Related posts

ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

දීවාලි වලට පෙර දිල්ලි නුවර වායු දුෂණය ඉහළට

Mohamed Dilsad

Leave a Comment