විදෙස්

ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්

(උදයම්,කොළඹ )  – ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයෙන් නික්මීමට පෙර අවසන් පැය කිහිපය තුළ පලස්තීන අධිකාරිය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 221ක් මුදා හැර තිබේ.

එය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය මගින් අවහිර කර තිබූ පියවරකි.

ජනාධිපති බැරක් ඔබාමාගේ නියෝගයකින් එම මුදල පලස්තීනුවන් වෙත ලබාදෙන බව කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඔහු ධවල මන්දිරයෙන් නික්මුණු පසුගිය සිකුරාදා දිනයේය.

ඊට අමතරව ඇමරිකානු විදේශ කටයුතු වියදම් සඳහා ඩොලර් මිලියන 6ක් ද හිටපු ජනාධිපති ඔබාමා අවසන් මොහොතේ මුදා හැර ඇත. ඉන් මිලියන 4ක් වෙන් කර ඇත්තේ කාලගුණ වෙනස පාලනය කිරීමේ වැඩසටහන් සඳහාය.

Related posts

ඉන්දුනිසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

Mohamed Dilsad

බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment