දේශීය

පාඨලීගෙන් අලුත් පක්ෂයක්

ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ ලෙස එම පක්ෂය නම් කර ඇති බවය.

 

“ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න. කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ. ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට. නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ පෙරමුණ.”

Related posts

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

තීරණ රැසක් ගැනීමට අද විශේෂ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

ගිරාදුරුකෝට්ටේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment