ක්‍රීඩා

නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග මේ වනවිට පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුනි.

 

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.

 

වසරකට අධික කාලයකට පසු සංචිතයට කැඳවූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් රැස්කළේය.

 

චරිත් අසලංක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළේය.

 

තරගය ජය ගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 197කි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.

Editor O

කාසියේ වාසිය නෙදර්ලන්තයට

Mohamed Dilsad

ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

Mohamed Dilsad

Leave a Comment