දේශීය

මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

ආර්ජන්ටිනාවේ උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 100% ඉක්මවා ගොස් ඇති බව එරට සංඛ්‍යාලේඛන ඒජන්සිය පැවසීය.

 

1991 වසරේ සිට එරට අධිඋද්ධමන තත්ත්වයකට මුහුණදෙයි.

 

එරට උද්ධමනය 100% ඉක්මවා ගොස් ඇත්තේ පළමු වරටය.

 

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී අජන්ටිනාවේ උද්ධමනය වාර්තා වූයේ 102.5%ක් ලෙසට ය.

 

මේ හේතුවෙන් එරට ජනතාව එදිනෙදා අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණව සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

 

භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි පැට්‍රීසියා කියුරෝගා පැවසුවේ 100% උද්ධමනය දරා ගැනීමට අපහසු බවය.

 

“මට මහන්සියි. පුදුම මහන්සියක්. මේ අස්සේ දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා. ඒ ගොල්ලන්ට ගාණක් නෑ මිනිස්සු බඩගින්නේ මැරෙනවා. මෙය තවත් සිදු නොවිය යුතුයි”.

Related posts

මෙරටට ඒමට නොහැකිව ශ්‍රී ලාංකික සිසුන් 70 ක් පිලිපීනයේ කොටුවෙයි

Mohamed Dilsad

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

Editor O

කුවේටයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment